වල්ලපට්ට ගැන යමක්

පට්ටා ගසන වල්ල පට්ටේ වගතුග

wallapattaමේ කාලයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම නාගරික ප්‍රදේශවලද නිතර අසන්නට ලැබෙන ශාකයක නමක් වන්නේ වල්ලා පට්ටා ශාකය ගැනය. වල්ලා පට්ට කිලෝ 1 ක් හෝ 2ක් ඇතැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ලැබූ අවස්ථා පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තාවිය.

වල්ලා පට්ටා ශාකය යනු කුමක්ද මෙතරම් මෙය වටින්නේ ඇයි ? මෙම ශාකය මෙතරම් වටින්නේ නම් එය අපට වගා කර පිටරට පැටවිය නොහැකිද එමගින් මිනිසුන් පමණක් නොව රටද දියුණු නොවන්නේද යන ගැටලුද විශාල වශයෙන් පැන නගී. මෙවැනි ගැටලු රාශියකට තුඩු දී ඇති මෙම ශාකය සම්බන්ධයෙන් විද්‍යත්මක හා කාලීන පැහැදිලි කිරීමක් හා වැඩමුළුවක් ‌ පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශ විසින් සංවිධානය කො තිබූ අතර මෙහි දැක්වෙන්නේ එහි දි සැලකිල්ලට ලක් කළ කරුණු කාරණය

වල්ලපට්‌ටා ශාකයේ ජීව විද්‍යාත්මක ලක්‌ෂණ

මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය Gyrinops wallas wdlla‌ ය. වල්ලා යන්න සිංහල භාෂාවෙන් මෙම ශාකය හැඳින්වීමට යොදාගත් නාමයයි. වල්ලපට්‌ටා ශාකය Thymelaeaceae කුලයට අයත් වේ. Gyrinops ඝනයට ශාක විශේෂ 8ක්‌ පමණ අයත්වේ. වල්ලපට්‌ටා ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත්කලාපීය හා අතරමැදි කලාපීය ප‍්‍රදේශවල බහුල වශයෙන් පැතිර පවතින අතර එම ප‍්‍රදේශයේ වනාන්තර තුළ යටි ස්‌ථරය තුළ විසිර පවතී. අපේ රටට අමතරව මෙම ශාකය ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු ප‍්‍රදේශවල සුළු වශයෙන් පැතිරී ඇත.

Thymelaeaceae කුලයට අයත් ශාකවලට බාහිරව යම් ආපදාවකට ලක්‌වූ විට ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් ආරක්‌ෂාවීමට ද්වීතීක ස්‌වභාවික ආරක්‌ෂන උපක‍්‍රමයක් (secondary defensive mechanism) ලෙස ශාක කෙක්‍ෂන් රෙසිනයක්‌ (Agarwood) නිෂ්පාදනය කරයි. මෙම කුලයේ ශාක ඝන අතර Aquilaria‌ ශාක ඝනය අගාවුඞ් නිෂ්පාදනයේ ප‍්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත. Gyrinops ඝනයේ ශාකද අගාවුඞ් නිෂ්පාදනය කරන නමුත් එක්‌ ශාකයක නිෂ්පාදනය කරන Agarwood ප‍්‍රමාණය ගසේ බරට සාපේක්‌ෂව ඉතා සුළු බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.

වල්ලපට්‌ටා ශාකයේ රූප විද්‍යාත්මක ලක්‌ෂණ

ශාකයේ සාමාන්‍ය උස මීටර් 5-7ක්‌ පමණ වේ. එළිමහන් ස්‌ථාන වල හා වනාන්තර වල යටි ස්‌ථරයේ දැක ගත හැක. ගසේ පොත්ත කොළත් සමගම ගැලවී යාම ශාකයේ ප‍්‍රධාන ලක්‌ෂණයකි. ඒකාන්තර පත‍්‍ර වින්‍යාසයක්‌ දරන උප පත‍්‍ර රහිත ශාකයකි.එකල පිහිටි පත‍්‍ර 2 ක්‌ අතර දුර සෙ.මී. 2.5 පමණ වේ. පත‍්‍ර තලය සෙ.මී 10-12 පමණ දිගකින් හා සෙ.මී. 5 ක්‌ පමණ පළලකින් යුක්‌ත වේ.

පත‍්‍ර අග‍්‍රය තීව‍්‍ර ස්‌වභාවයක්‌ ගන්නා අතර පත‍්‍ර පාදය තරමක්‌ පළක්‌ ස්‌වභාවයක්‌ ගනී. ලපටි පත‍්‍ර කහ පැහැයක්‌ ගන්නා අතර පහතට නැවී ඇත. අන්වීක්‌ෂයකින් බැලූ විට ලපටි පත‍්‍ර වල මැද නාරටි දෙපස හා පත‍්‍ර දාරයේ සිහින් බූවක්‌ දැකිය හැකිය. පරිනත පත‍්‍ර තද කොල පැහැයක්‌ ගන්නා අකර දිලිසෙන ගතියක්‌ දරයි.

මෙහි පත‍්‍ර වෘන්තය මි.මී. 6 ක්‌ පමණ වන අතර එය සුළු කෝණයක්‌ සාදමින් කඳට සවි වේ. පත‍්‍ර දාරයතරමක්‌ රුළි ස්‌වභාවයක්‌ උසුලන අතර එය කඩතොලූ වලින් තොර සිනිඳු ස්‌වභාවයක්‌ ගනී. මැද නාරටිය පැහැදිලිව දිස්‌වෙන මුත් නාරටි ඉතා ලංව හා සිහින්ව පත‍්‍ර තලයේ හරස්‌ අතට පිහිටයි.

ශාකයේ මල් හට ගැනීම අපේ‍්‍රල් සිට ජූලි දක්‌වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරූ ගෙඩිද දැකිය හැක. මල් හට ගන්නේ පුෂ්ප මංජරියකයි. ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක්‌ ගනී. පුෂ්ප මංජරියක මල් 6ක්‌ පමණ හට ගනී. පුෂ්පිකාව පෙති පහක්‌ පමණ දක්‌නට ලැබේ. පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලසීමාවකදී දැකිය හැක. මල් හට ගැනීම අඩු වයසින් සිදු වන අතර අඩි 2-3 ක්‌ උස්‌ ගස්‌ වල පවා ඵල හට ගනී. එක්‌ කුඩා ගසක ඵල 20×30 ක්‌ ප‍්‍රමාණයක්‌ දැකිය හැක.

agarwoodoil

වල්ලපට්‌ටා ශාකයේ භාවිතය

වල්ලපට්‌ටා ශාකය සඳහා මෑත කාලීනව අධික ඉල්ලුමක්‌ ඇතිවීමට හේතුව ශාකය මගින් නිස්‌සාරණය කරනු ලබන රෙසිනමය රසායනික ද්‍රව්‍ය (Agarwood) මගින් නිෂ්පාදනය කරන සුවඳ විළවුන් හා ඖෂධ හේතුවෙනි. එම රෙසිනමය රසායනික ද්‍රව්‍ය ලෝක වෙළඳ පොලේ ඉතා ඉහල මිලකට අලෙවි වේ.

සංස්‌කෘත භාෂාවේ ‘අයුරු’ ලෙස හැඳින්වෙන මෙම රසායනික ද්‍රව්‍ය, විවිධ සංස්‌කෘතීන් හා භාෂාවල විවිධ ආකාරයෙන් හඳුන්වනු ලැබේ. අතීතයේ සිටම මෙම ශාකය සමග මිනිසුන් නෑ සබඳතා පැවැත්වූ බවට මෙය කදිම සාක්‌ෂියකි. ලොව ඉපැරණි ම ග‍්‍රන්ථ අතරට ගැනෙන සංස්‌කෘතවේද ග‍්‍රන්ථ අතරද ‘අයුරු’ පිළිබඳව සඳහන් කර ඇත.

මෙම සුවඳට සමාන සිත් ඇදගන්නා සුළු වෙනත් ස්‌වභාවිකවම නිපදවන සුවඳක්‌ වර්ථමානය දක්‌වා සොයා ගැනීමට නොහැකිවීම මෙම Agarwood සඳහා විශාල ඉල්ලූමට හේතුවී ඇත. ක‍්‍රිස්‌තු වර්ෂ 3 වන සියවසේදී චීන දේශාටකයන්ගේ වාර්තා වලට අනුව වර්තමාන වියට්‌නාම දූපත් වාසීන් මෙම රසායනික ද්‍රව්‍ය නිස්‌සාරණය කරන ලද බව සඳහන් කරයි.

එසේම ආයුර්වේද ග‍්‍රන්ථයක්‌ වන සුශ‍්‍රෑත සංහිතාවේ හා ආදී මුස්‌ලිම්වරුන්ගේ වාර්තාවලද මෙම රසායන ද්‍රව්‍ය වල ඖෂධිය ගුණ පිළිබඳ සඳහන් කරයි. 13 වන සියවසේදී අරාබි ජාතිකයන් මෙම මිල අධික සුවඳවත් ද්‍රව්‍ය භාවිතා කළ බවට ඉස්‌ලාමීය දේශ ගවේෂක ඉබන් බතුතා සඳහන් කරයි. ‘A Thousand and one Night’ ග‍්‍රන්තයේ සඳහන් පරිදි මෙම සුවඳවත් ද්‍රව්‍ය විශේෂ උත්සව අවස්‌ථා වලදී තම නිවෙස්‌ සුවඳවත් කිරීම සඳහා යොදාගෙන ඇත. සුඛෝපභෝගී ජීවන රටාවකට අනුගත වූ සමාජයේ ඉහළ පැළැන්තියේ පිරිසකගේ ජීවන තත්වය විදහා දක්‌වන නිෂ්පාදනයක්‌ ලෙස තවදුරටත් මෙය හුවා දක්‌වා ඇත.

ඉන්දියාවේ මෙම රසායනික රෙසිනමය ඇදුම රෝගයට, බඬේ අමාරුව, අතීසාරය, ගලගන්ඩය, රූමැටික්‌, අංශභාගය, ලිංගික ශක්‌තිය වර්ධනය කිරීම, සමේ රෝග සුව කිරීම සඳහා යොදාගෙන ඇත. මෙම ශාකයේ කුඩා කැබලි තෙල් තුළ බහා ශරීරය සුවඳවත් කිරීමට යොදාගනී. විවිධ කැටයම් වර්ග තැනීමටද මෙම ශාකයේ ලී භාවිතා කරයි.

වර්තමානයේ ඉතා උසස්‌ තත්වයේ රෙසිනමය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් අතර තායිවානය, කාම්බොජය, වියට්‌නාමය වැනි රටවල් ප‍්‍රධානවේ. එම රටවල් නිෂ්පාදනය කරන මෙම රසායනික ද්‍රව්‍ය සඳහා ජපානය, කොරියාව, චිනය සහ යුරෝපීය රටවලත් හා මැදපෙරදිග රටවලත් ඉහල ඉල්ලූමක්‌ පවතී. විශේෂයෙන් අරාබි රටවල Agarwood සඳහා විශේෂ ඉල්ලූමක්‌ පවතින්නේ එය මධ්‍යසාරයෙන් තොර නිෂ්පාදනයක්‌ වන බැවිනි.

වල්ලපට්‌ටා ශාකයේ වර්තමාන තත්වය

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමේදී වල්ලපට්‌ටා ශාකය පළමුවරට ප‍්‍රචලිත වන්නේ පසුගිය අවු 4,5 තරම් මෑත කාලයේදීය. 2012 ජූලි 3 වන දින ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී රේගු නිළධාරීන් වෙනුවෙන් පවත්වන ලද පුහුණු වැඩමුළුවකදී ආචාර්ය එස්‌.එස්‌. ප‍්‍රනාන්දු විසින් මුල්වරට වල්ලපට්‌ටා ශාකය අපනයනය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්‌වා ඇත.

වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදුකරන ලද මුල්ම වැටලීම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් 2012 අගොස්‌තු මස 27 වන දින රත්නපුර, කළවාන ප‍්‍රදේශයේදී සිදු කර ඇති අතර එම වැටලීමේදී වල්ලපට්‌ටා ශාකයේ කොටස්‌ අත්තඩංගුවට ගෙන ඇත. මෙම නීති විරෝධී ශාක ජාවාරම කලක සිට සිදුව ඇති බව අනුමාන කළ හැකි සාක්‌ෂි මේ අනුව හෙළි දරව් වී ඇත.

ශ‍්‍රී ලංකා රේගු අධිකාරියේ වාර්තා අනුව මෙම නීති විරෝධී ජාවාරම පුළුල් ජාලයක්‌ ලෙස රටපුරා විසිර ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ආශ‍්‍රිතව මුහුදු මාර්ග ඔස්‌සේ මෙම ජාවාරම සිදු කෙරෙන බවත් සොයාගෙන ඇත. වල්ලපට්‌ටා ශාකයට අමතරව සුදු හඳුන්, දිවි කදුරු ඇට, කබර හූනා, කිඹුල් හූනා සඳහා විශේෂ වෙළඳ පොළක්‌ මෙම ජාවාරම් කරුවන් විසින් ගොඩනගාගෙන ඇත.

මෙම ජාවාරම තුළින් රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක්‌ අහිමිවනවා පමණක්‌ නොව අපේ රටට ආවේනික ශාක හා සත්ත්ව ප‍්‍රජාවත්, ජානමය අයිතියත් එම ශාක හා සත්ව විශේෂ වෙනුවෙන් පේටන්ට්‌ බලපත‍්‍ර ලබා ගැනීමේ හැකියාවත් අපට අහිමි වනු ඇත.

නීතිමය පියවර

අධික ලෙස පරිසරයෙන් ඉවත්කිරීම මත තර්ජනයට ලක්‌වූ වල්ලපට්‌ටා ශාකය la‍ITES හෙවත් තර්ජනයට ලක්‌වූ ශාක විශේෂ එකරටකින් තවත් රටකට ගෙනයාම තහනම් කිරීමේ සම්මුතියේ (Convention on International Trade of Endangered wild Fauna and Flora) දෙවන උපලේඛනයට ඇතුලත් කර ඇත. 1995 දී ප‍්‍රථමයෙන්ම Aquila‌ria‌ mala‌cceìis විශේෂය මෙම සම්මුතියේ දෙවන උපලේඛනයට ඇතුලත් කෙරුණු අතර 2004 වසරේදී සියලූම අයුරු නිෂ්පාදනය කරන ශාක විශේෂ මෙයට ඇතුලත් කෙරුණි. අවදානයට ලක්‌වීමේ විභවතාවයක්‌ ඇති ශාක මෙම සම්මුතියට ඇතුලත් වන අතර එවැනි විශේෂ අන්තර්ජාතික වෙළඳාම, නියාමනය හා අධීක්‌ෂණය කිරීම සඳහා වෙනමම ආයතනයක්‌ ද පිහිටුවා ඇත.

ශ‍්‍රී ලංකාවේ වර්තමානයේ පවතින නීතිමය රාමුව තුළ වල්ලපට්‌ටා ශාකය ආරක්‌ෂිත ශාකයක්‌ ලෙස නම් කර නැත. නමුත් වන සංරක්‌ෂන ආඥා පනතේ පවතින විධිවිධාන යටතේ වනාන්තර තුළින් මෙම ශාකය හෝ වන ද්‍රව්‍ය උකහා ගැනීමේදී නීත්‍යානුකූලව කටයුතු කළ හැක.

ඒ අනුව සංරක්‌ෂිත වනාන්තරවලට අදාළව, 2009 අංක 65 දරණ සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනත යටතේ 6 (අ), (ඇ) වගන්ති අනුවද, රක්‌ෂිත වනාන්තර සඳහා 1979/12/26 දිනැති අංක 68/14 ගැසට්‌ පත‍්‍රයේ 1979 අංක 01 දරණ නියෝග මාලාව අනුවද සංරක්‌ෂිත, රක්‌ෂිත කැලෑ හෝ ගම්බද කැලෑවලට ඇතුලත් නොවන වෙනත් කැලෑවලට ඉහත කී ගැසට්‌ පත‍්‍රයේ 1979 අංක 01 දරණ වන රීති මාලාව අනුවද, වලංගු අවසර පත‍්‍රයක්‌ නොමැතිව ශාක හෝ වනජ ද්‍රව්‍ය එකතු කිරීම, ඉවත් කිරීම හෝ හානි කිරීම කළ නොහැක.

එසේම පුද්ගලික ඉඩමකින් ශාක කොටස්‌ ලබාගත්තද ලංකාව තුළ ප‍්‍රවාහනය කිරීම සඳහා වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය අනුව ප‍්‍රකාශිත 2008/05/09 දිනැති අංක 1548/29 හා 2012/06/11 දිනැති අංක 1762/1 දරණ ගැසට්‌ පත‍්‍රවල නියෝග අනුව කටයුතු කළ යුතු වේ.

අනවසර දැව සන්තකයේ, පාලනයේ හෝ භාරයේ තබාගැනීම සම්බන්ධයෙන්ද නීත්‍යානුකූලව පියවර ගත හැක. ඒ පිළිබඳව වන සංරක්‌ෂණ ආඥා පනතේ 36(1) වගන්තිය යටතේ ප‍්‍රකාශිත 1995/07/13 දිනැති අංක 879/7 හා 1997/04/18 දිනැති අංක 971/4 දරණ ගැසට්‌ පත‍්‍රවල සඳහන් නියෝග බල පැවැත්වේ.

දැව, කැලෑවල බීජ හා වෙනත් වන නිෂ්පාදන අපනයනයන්‍ය කිරීම වලංගු අවසර පත‍්‍රයක්‌ නොමැතිව කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය ප‍්‍රකාරව 2000/12/05 දිනැති අංක 1161/6 දරණ දරණ ගැසට්‌ පත‍්‍රයේ සඳහන් නියෝග බල පැවැත්වේ. මෙයට අමතරව අපනයනය සඳහා la‍ITES සම්මුතිය යටතේ පිහිටුවා ඇති ආයතනය මගින්ද අධීක්‌ෂණය කෙරේ.

වනසත්ව හා වෘක්‌ෂලතා ආඥා පනතේ 45 වගන්තියේ නියෝග අනුව මෙම ශාකය අපනයන කිරීම වගා කිරීම තහනම් කිරීමට හෝ විධිමත් කිරීමටත්, ඉවත් කිරීමට, ශාක ආරක්‌ෂා කිරීමට, සංරක්‌ෂණයට නියෝග පැනවිය හැක. අංක 22 දරන වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක (සංශෝධන) පනත අනුව 45 වගන්තිය (ආ) ඡේදයට පසු මෙම වගන්ති ඇතුලත් කර ඇත.

ශාකයක්‌ අපනයනයට පරීක්‌ෂා කිරීම සඳහා කාර්ය පටිපාටියක්‌ නියම කරම හා අදාල බලධාරියා විසින් එය පරීක්‌ෂා කිරීමත්, එය පරීක්‌ෂා කිරීමෙන් පසු අදාල කාර්ය පටිපාටිය අනුව එය මුද්‍රා තැබීම, අවසර ලත් ලේඛන රහිත ශාක අපනයනය තහනම් කිරීම, සන්තකයේ තබා ගැනීම තහනම් කිරීම, ශාක කොටසක්‌ අපනයනය කිරීම තහනම් කිරීම හෝ පාලනයට නීති පැනවිය හැක.

තවදුරටත් වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 47 වගන්ති අනුව මෙම ශාකය පිළිබඳව කැලෑ ආඥා පනතේ නියෝග, දිය බෙරලි ආඥා පනතේ විධිවිධාන, තේ පාලන පනතේ විධිවිධාන, රබර් පාලන පනතේ විධිවිධාන වලට යටත්ව ක‍්‍රියාත්මක විය යුතුය.

වල්ලපට්‌ටා ශාකය අවදානම් විශේෂයක්‌ ලෙස 2012 දී රතු දත්ත වාර්තාවට ද ඇතුලත් කර ඇත.

වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ

මෙම ශාකයේ කඳට ස්‌වභාවිකව ආසාධනය වන දිලීර කෘතීමව ගසට ලබාදීමෙන් ඉක්‌මනින් ආර්ථික වාසි අත්කර ගත හැක. මෙම දිලීරය විද්‍යාගාර තුළ වෙනමම නිෂ්පාදනය කර මසක්‌රස්‌ ගණයට අයත් ශාක සඳහා එන්නත් කිරීම මගින් අයුරු නිෂ්පාදනය කිරීම පිළිබඳව වෙනත් රටවල් පර්යේෂණ පවත්වා ඇත.

ඇමරිකා එක්‌සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ විශාල ප‍්‍රමාණයක්‌ සිදු කර ඇත. ලොකයේ බොහෝ රටවල් මෙම කෘතීමව දිලීර ආසාදනය මගින් ශාකයෙන් විපුල ප‍්‍රයෝජන ලබාගත්තද අප රට තුළ මේ සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්‌ටමේ පවතී. ප‍්‍රමාණවත් රෝපණ ද්‍රව්‍ය (බීජ, පටක රෝපණය) ලබා ගැනීම, රෝපණ මාධ්‍ය, නිස්‌සාරණ ක‍්‍රමවේද පිළිබඳව කර ඇති පර්යේෂණ ප‍්‍රමාණය ඉතා සීමිත වේ

Posted in Uncategorized | Tagged | Leave a comment

හෙලදිව ගංගාවෝ

මහවැලි ගඟ

ශ්‍රී ලංකාවේ දගම ගංගාව වන මහවැලිය සමනල කන්ද මුදුනේ සිට සිය ගමන අරඹයි. 335 km පමණ දිගකින් යුතු මහවැලි නදිය දුන්හිඳ , රාවණා ඇල්ල, රම්බොඩ ඇල්ල, නවරත්න ඇල්ල වැනි දිය ඇලි තනමින් ගමන් කර ත්‍රිකුණාමලයෙන් සයුර හමුවෙයි. කොත්මලේ,වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය ආදී ජලාශවලට දියවර සපයන මහවැලිය, එමඟින් ජල විදුලිය නිපදවීමට එක් වන්නේ මහවැලි කලාපයේ දස දහස් සංඛ්‍යාත කෙත් වතු ද සරුසාර කරමිනි.    

කැලණි ගඟ

සමනල කන්දෙන් ඇරඹී කොළඹින් මුහුදට වැටෙන තෙක් 145 km ක පමණ දුරක් ගමන් කරන කල්‍යානි නදී ‍තොමෝ ද ලක්දිව ප්‍රධාන ගංඟාවක් ලෙසින් ලෝක ප්‍රකටය. ලක්ෂපාන ඇල්ල, ඕලු ඇල්ල, ඇබර්ඩීන් ඇල්ල ආදී ලොකු කුඩා දිය ඇලි වල සුන්දරත්වය වැඩිකරනට කැලණි ගඟ දිය උදව් වේ. පරකැලේ, ඉඹුලාන ආදී ජලාශ කැලණි ගඟ ආශ්‍රිතව නිර්මාණය කර ඇති අතර, ලාංකේය විදුලි නිශ්පාදනයට විශාල දායකත්වයක් සපයන ලක්ෂපාන බලාගාරය ද කැලණි ගං දියෙන් පෝෂිතය.

වළවේ ගඟ

රුහුණු පොළොවේ පස තෙත් කරමින් ගලා බසින වළවේ ගඟ ද සමනල කඳු මුදුනේ සිට ගලා බසින්නකි. දිගින් 138 km ක් පමණ වන වලවේ ගඟ ආශ්‍රිතව උපදින දූලි ඇල්ල, ගැරඬි ඇල්ල මෙන්ම බඹර කන්ද ඇල්ල ද ශ්‍රී ලංකාවේ අලංකාරය දෙගුණ තෙගුණ කරවයි. චන්ද්‍රිකා වැව, රිදියගම වැව, උඩවළව ජලාශය ද වලවේ නදිය ආශ්‍රිත ව තනවන ලද විස්මිත නිමැවුම් වේ.    

Posted in Uncategorized | Tagged | Leave a comment

ලකඹර සිඹින කඳු

පිදුරුතලාගල කන්ද

ශ්‍රී ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල කන්දයි. 2524 mක් උසින් යුතුව ගුවනට නැගෙන පිදුරුතලාගල කන්ද නුවරඑළිය දිස්ත්‍රික්කය මධ්‍යයේ හරිත පැහැයෙන් දිදුලමින් නැගී සිටී.

 

සමනල කන්ද

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ සමනල කන්ද මහවැලි, කැලණි, කළු, වලවේ ගංගාවන්වල උපන් බිම වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති  සමනල කන්ද උසින් 2238 m ක් පමණ වේ. හැටන් රත්නපුර මාර්ග දෙකෙන්ම සමනල කන්ද වෙත ලගා විය හැකි අතර, ඒ ආශ්‍රිත හෙක්ටෙයාර 223379 ක භූමිය අභය භූමියක් ලෙසද නම් කර ඇත.   

කිරිගල්පොත්ත කන්ද

අති දුෂ්කර බෑවුම්, ප්‍රපාත ආදියෙන් සමන්විත කිරිගල්පොත්ත කන්ද රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ගැල්කරුවන්ගේ ජන කව්වලටද තේමා වී ඇති කිරිගල්පොත්ත කන්ද උසින් 2395 m ක් පමණ වේ.

  

Posted in Uncategorized | Tagged | Leave a comment

දිය ඇලි කොමළියෝ

බඹර කන්ද ඇල්ල 

ලක්දිව දිය ඇලි අතුරින් උසින් වැඩිම දිය ඇල්ල වන බඹර කන්ද ඇල්ල උසින් 241 m ක් පමණ වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ කඳු හෙල් අතරින් ඇද හැලෙන බඹර කන්ද ඇල්ල නෙත් සිත් පැහැර ගන්නා අලංකාර දසුනකි. දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය දිය ඇල්ලක් වන මෙය අවසානයේ වළවේ ගඟට එක්වේ.

දුන්හිඳ ඇල්ල 

දුමක් සේ විහිදෙන දිය දහරකින් යුතු බැවින් දුන්හිඳ යැයි නම් ලද මේ දිය ඇල්ල ලක් මෑණියන්ගේ සුන්දරත්වය ලොවට විදහා පාන කැඩපතක් බඳුය. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්යේ පිහිටි දුන්හිඳ නැරඹීමට නම් බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයෙන් 1 km ක් පමණ දුරක් ගමන් කල යුතුය. බදුලු ඔයෙන් ඇරඹී 63 m ක් උසින් පහළට වැටෙන දුන්හිඳ ඇල්ල මහවැලි ගඟට මුසු වන්නේ මනරම් දසුනක් මවමිනි.     

දියලුම ඇල්ල

ලක් මෑණිය සරසවන දිය ඇලි අතුරින් උසින් තෙවන තැන ගත් දියලුම ඇල්ල 171 m ක් පමණ උසින් යුතුය. බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද නගරයට ආසන්නයෙන් පිහිටා ඇති දියලුම ඇල්ල පූනගල ඔයෙන් ඇරඹී කිරිඳි ඔය හා එක් වන අලංකාර දිය ඇල්ලකි. 

Posted in Uncategorized | Tagged | Leave a comment

අසිරිබර සිරිලක

සිංහරාජ වනාන්තරය

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසින් නම් කරන ලද සිංහරාජ අධි ආරක්ෂිත සදාහරිත වැසි වනාන්තරයකි. ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ ස්ථානයක් හිමි සිංහරාජය රත්නපුර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව හෙක්ටෙයාර 8800 ක භූමි ප්‍ර‍දේශයක පැතිරී ඇත. ඒක දේශික ශාක හා සත්ත්ව විශේෂ පමණක් නොව, සිංහරාජයටම ආවේනික වූ ශාක හා සත්ත්ව වර්ග රැසක්ද මෙහි දැක ගත හැකිය. කළු ගඟ හා ගිං ගඟ සිංහරාජයේ සුන්දරත්වය වැඩි කරමින්  ගලා බසින අතර, දූලි ඇල්ල ඇතුළු කුඩා ප්‍රමාණයේ දිය ඇලි රැසක් ද මෙහි දක්නට ලැබේ.  

හුම්මානය

මාතර දිස්ත්‍රික්කයේදික්වැල්ල නගරයට ආසන්න කුඩා වැල්ල ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටි සොබාදහමේ අපූර්වතම නිමැවුමක් ලෙස හුම්මානය හැඳින්විය හැකිය. පටු ස්ථානයකින් පැමිණෙන මුහුදු රළ එහිදී ඇතිවන විශාල තෙරපුම් බලය හේතුවෙන් ගල් කුහරයක් තුලින් වේගයෙන් අහසට විදින්නේ අලංකාර වතුර මලක් මෙනි. ඇතැම් විට මෙම ජල දහරාව මහ හඬ නගිමින් අඩි 120 ක් පමණ ඉහළට නැගෙන අවස්ථාද දැක ගත හැකිය.

මදුනාගල උණු දිය උල්පත්

සිරිලක අසිරියට තවත් අපූර්වත්වයක් එක් කරන උණු දිය උල්පත් පිහිටි ස්ථානයක් ලෙස මදුනාගල ප්‍රසිද්ධය. සූරිය වැව ප්‍රදේශයට ආසන්න ව පිහිටි මෙම උණු දිය උල්පත්  ආශ්‍රිතව ටැංකි සාදා ස්නානය කිරිමේ පහසුකම් සලසා ඇත. මදුනාගල උණු දිය උල්පත් ද දෙස් විදෙස් සංචාරක ආකර්ශණය නිතැනින්ම හිමි කර ගෙ ඇත.

හික්කඩුව කොරල් උද්‍යානය 

දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි හික්කඩුව සංචාරක පුරවරයක් බවට පත් වනුයේ එහි මුහුදු පතුලේ ඇති කොරල් පර හේතුවෙනි. හෙක්ටයාර 100 කට ආසන්න ප්‍රදේශයක පැතිර පවතින මෙම කොරල් උද්‍යානය ජෛව විවිධත්වයෙන් ඉහළ ස්ථානයක් ගනී. අලංකාර කොරල් පර අතර ගැවසෙන නෙත්කලු මත්ස්‍ය රංචු නැරඹීම සඳහා වීදුරු පතුලක් සහිත බෝට්ටු සේවාවන් ද ක්‍රියාත්මක වේ.

Posted in Uncategorized | Tagged | Leave a comment

ගුරුත්වාකර්ශණය සොයාගත් සර් අයිසැක් නිව්ටන්

ඔහු උපත ලැබුවේ 1642 දෙසැම්බර් මස 25 වෙනිදා ය. ඔහුගේ පියා ගොවියෙක් කුඩා අවදියේ නිව්ටන් පාසල් අධ්‍යාපනයේ දක්ෂයෙක් වුණේ නැහැ. නිතරම ගුරුවරුන්ගෙන් ඇහුවේ ඇනුම් බැණුම්. එහෙත් පොත පත කියවීමට ඔහු තුල පැවතියේ දැඩි ඇල්මක්. තරුණ වියේ දී විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට ඔහුට උපකාරී වූයේ එමගින් ලැබුණු දැනුමයි. පොත පතින් ලත් දැනුම උපයෝගී කර ගත් හෙතම මුලින්ම තැනුවේ සරුංගලයක්. ඉන් පසු නිපද වූයේ සුළඟින් ක්‍රියා කරන සුළං මෝලක්. ඔහුගේ ඊළඟ නිපදවීම වු‍ණේ හිරු රශ්මියෙන් ක්‍රියා කරන හෝරා තැටියයි. ඔහුගේ විශිෂ්ඨතම සොයා ගැනීම වූයේ පෘථිවියේ 

   

පවතින තමන් වෙත ඇදගැනීමේ බලය හෙවත් ගුරුත්වාකර්ශණ බලය යොදා ගැනීමයි. ඊට ගුරු කොට ගත්තේ ඇපල් ගෙඩියක් ගසකින් වැටීමේ සිද්ධියක් ඔහු ඒ මගින් පෙන්වා දුන් එක් සත්‍යයක් ඉතා වැදගත්. එනම් අහස් යානයක් ඉහළට නැංවීමට නම් පොළොවේ ගුරුත්වාකර්ෂණ බලයට වැඩි බලයක් යෙදිය යුතු බවයි. මේ සොයා ගැනීම ප්‍රයෝජනවත් වූයේ පසු කාලයේ ඇරඹුණු ගුවන් ගමන සඳහායි. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දෙවරක්ම තේරී පත් වූ කෙනෙක්. ඔහුගේ සොයා ගැනීම් වෙනුවෙන් ලැබුණු ඉහළම සම්මානය තමයි නයිට් පදවියකින් පිදුම් ලැබීම.1727 වර්ෂයේ මාර්තු 20 වනදා ලන්ඩන්හි දී ඔහු අවසන් හුස්ම හෙළුවේය.         

Posted in Uncategorized | Tagged | Leave a comment

ජෝර්දානයේ පෙට්රා නගරය

ජෝර්දානයේ සංකේතය ලෙස හැඳින්වෙන පෙට්රා නගරය ජෝර්දානයේ මාන්හි පිහිටි ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සහ වටිනාකමකින් යුතු නගරයකි. බටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස් හා බොරස් හරහා විහිදී ගිය වෙළඳ මාර්ගයේ වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීම නිසා මෙය ඉතා දියුණු තත්ත්වයක පැවති බව සිතිය හැකිය. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති මේ නගරය කාන්තාර දේශගුණ තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීම මෙහි ඇති විශේෂත්වයකි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පිහිටි ගලෙහිම නිර්මාණය කරන ලද ගොඩනැගිලි දැකිය හැකි වීමයි. මෙම ගොඩනැගිලි අතර පිහිටි දිය අගල්ද මෙහි ඇති තවත් විශේෂත්වයකි. මේ ප්‍රදේශය පිළිබඳ පළමු වරට ලොවට හෙළි කරන ලද්දේ ස්විට්සර්ලන්ත ජාතික ජොහැන් ලුඩ්විග් නැමැත්තා විසිනි. පෙට්රා නගරය ලොව නැරඹිය යුතුම ස්ථාන හතළිහ අතරට ඇතුළත් කර ඇත. එය 1985 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසටද නම් කර ඇත.

Posted in Uncategorized | Tagged | Leave a comment

චීන කලාව

බටහිර යුරෝපයේ කිසිදු ජාතියකට නොමැති ක්‍රමවත් දියුණුවකි. ඔවුන්ගේ මෙම දියුණුවක් චීන සංස්කෘතියට ඇත. කලාව කෙරෙහිද මැනෙවින් බලපෑවේය. ‘කන්පියුසීයස් ධර්මය හා ඕටා ධර්ම

ය චීනයේ කලා හා සංස්කෘතික දියුණුව පවත්වා ගැනීමට බලපෑවේය.  චීනයට විදේශීය ආක්‍රමණ එල්ල වුවත් ඒවායින් ඔවුන්ගේ සංස්කෘතියට හානියක් වීමට චීන ජාතිකයෝ ඔවුන්ට ඉඩ නොදුන්හ. තම කලා ක්‍රමවේදයන් ශතවර්ෂයෙන් ශතවර්ෂයට නොකඩවා පවත්වා ගෙන ඒමට ඒ ඒ ශිල්ප හු සමත් වූහ. ඒ දියුණුව කිසිදු වෙනසකට ලක් නොවී ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණි.

 චීන කලා ආරවල් හා සාම්ප්‍රදායික ක්‍රම ලොව කිසිදු කලාවකට නොදෙවෙනි ද විය. එයට ඔවුන්ට උතුරු තණ බිම්හි ජීවත් වූ එඩේරවරුන්ගේ වියුක්ත හැඩ තල සහිත සැරසිලි ක්‍රම බලපෑවේය. සිල්ක් රෙදි, ගලින් කල භාජන , පිඟන් මැටි  භාජන සහ ඇත් දත් කැටයම් ඒවා අතර විශේෂය. චීන ජාතිකයන්ගේ ආගමික චාරිත්‍ර විධි වලදී පිත්තල භාජන යොදා ගැනිණ. ඒවායේ සත්ත්වයන්ගේ හැඩ වලිනුත් භූමියේ සශ්‍රීකත්වය විදහා පාන විවිධ සංකේත වලිනුත් සරසා තිබුණි. ටෑං රජ සමයේ චීන කලාව වඩාත් දියුණුව පැවතියේය. මෙම වකවානුවේදී චීන කලා ශිල්පීන්ට ඉන්දියානු ශිල්පීන්ගේ ආභාසය නොඅඩුව ලැබී තිබුණි. මේ කාලයේ ඔවුහු සෞම්‍ය , චාම් මූර්ති නිර්මාණය කලේය. එනමුත් කල් යත්ම චීන නිර්මාණ සංකීර්ණත්වයට පත් විය. ක්‍රි.ව. 10 සියවසේ ටෑං රාජ යුගයේ පරිහානියත් සිවිල් යුද්ධයත් මෙයට බලපෑවේය.

 කූ ආං යි  බෝධි සත්ව ඇදහීම ආරම්භ වීමත් සමග ම චීන චිත්‍ර හා මූර්තිවල ගොරහැඩි බව වෙනස් විය. ප්‍රතිමා ආභරණ වලින් සැරසීම, දැවයෙන් රූප නෙලීමද ආරම්භ විය. ‘සං රාජ සමය ආරම්භ වීමත් සමග සිල්ක් රෙදි මත චිත්‍ර ඇඳීමද ආරම්භ විය. ඒවා ලෞකිකත්වයට බර සිතුවම්ය. භූමි දර්ශන, මීදුමින් වැසුණු කඳු, ගංගා , කුඩා බෝට්ටු ආදී ස්වභාවික තේමා සිතුවම් නිර්මාණයට තේමා විය. විශේෂයෙන් ඔවුන් මාඕ ආගමිකයෝ වීම ද විශේෂ විය. මේ කාලයේ ඔතාගෙන යා හැකි දිගු චිත්‍ර , සිල්ක් රෙද්දෙන් වැසුණු ආභරණ පෙට්ටි ආදිය නිර්මාණය කලේය. මෝගල් වරුන්ගේ ආක්‍රමණයත් සමග සං රාජ යුගය අවසන් වූ අතර ඉන් පසු පැමිණි මිං හා චිං රාජ යුගය නව යුගයක් ඇති කලේය. මේ කාලයේ චීන ශිල්පී හු කලාව සඳහා නව න්‍යායයන් ඉදිරිපත් කළහ. ඒ සඳහා අවශ්‍ය අංගද, ශිල්ප සංකේතද වෙන් වෙන් වශයෙන් පැහැදිලිව දැක්වූහ. කඩදාසි මත තීන්ත විසිරුවා හෝ අතින් අතුල්ලා අස්වාභාවික සිතුවම් නිර්මාණය කලේය. එය චීන කලාවේ නව ආරක් වූ අතර එය යුරෝපීය මූලාචාර්යවරු පවා අගය කලහ.

Posted in Uncategorized | Tagged | Leave a comment

අභීත සිංහලයෙකු වූ වීර පුරන් අප්පු

අප දේශයේ විමුක්තිය උදෙසා සටන් කළ අභීත, වීරෝදාර සිංහලයෙකු මාතලේ අධිරාජ්‍ය විරෝධී කැරැල්ල මෙහෙය වූ බව වංශකතාව කියයි. අද ද මාතලේ නගරයේ ඔහු වෙනුවෙන් ස්මාරකයක් පිහිටුවා ඇත. මේ අභීත සිංහලයා උපන්නේ 1812 නොවෙම්බර් 7 වෙනිදා මොරටුවේදීය. පිය පරපුරෙන්ම (වීර) නම ඔහුට එකතු වී ඇත‍.කුඩා කල සිටම අසාධාරණයට එරෙහිව නැගී සිටි චරිතයකි. පාසල් දිවියෙන් සමු ගත් ඔහු , බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතීව සිටි ගම්මුලාදෑනියෙකුට විරුද්ධව පළමු සටන ආරම්භ කර ඇත. පුරන් අප්පු ප්‍රතිපත්තිගරුක මිනිසෙකි. මේජර් රොජර්ස් නම් පුද්ගලයා බොරු චෝදනා ඉදිරිපත් කරමින්, පුරන් අප්පු අත්තඩංගුවට ගත් විට පුරන් අප්පු ශාප කළ නිසා මේජර් රොජර්ස්ට අකුණු සැර වැදී මිය ගිය බව සඳහන් වේ. බ්‍රිතාන්‍යයන්ට එවකට පැනවූ බලු බද්ද, තුවක්කු බද්ද ආදී බදු වලට එරෙහිව නැගී සිටි ඔහු , දුප්පත් ගැමියෙකුගේ පැමිණිල්ලකට අසාධාරණ ලෙස දුන් තීන්දුවකට එරෙහිව ඩෝසන් නම් විනිසුරුවරයාගේ නිවසට පහර දී, එය සුනු විසුනු කළේය.

Posted in Uncategorized | Tagged | Leave a comment

දකුණු ආසියානු කලාපයේ භූ දර්ශනය

දකුණු ආසියනු කලාපය ආසියා මහද්වීපයේ අනෙකුත් ගොඩබිම්වලින් වෙන් වන්නේ උතුරින් ඇති හිමාලය පවුරින් බව ඉහත පාඩමේදී ඔබ ඉගෙන ගෙන ඇත. හිමාලය‍‍,හින්දුකූෂ්, සුලෙයිමන්, කාරකෝරම් වැනි කදු වැටි වලින් මෙම සීමාව සකස් වී ඇත. ලෝකයේ උසම මුදුන වන එවරස්ට් කදු මුදුන පිහිටා ඇත්තේද හිමාලය කදු වැටියේයි. ඉන්දියාවට අයත් අනෙක් කදු වැටි ලෙස දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්ස්, නැගෙනහිර ඝාට්ස්, සත්පුර, මහාදෙව්,වින්ධ්‍යා ආදී කදු වැදගත් වේ. මේ සියලු කදු අතුරින් හිමාලයා වැටිය මහා මේඝයක් සේ කැපී පෙනේ. නේපාලය හා භූතානය හිමාලය වැටියේ දකුණු පාමුල ප්‍ර‍දේශයේ පිහිටා ඇති රටවල්ය. උස් කදු හැරුණු විට මෙම කලාපයේ කැපී පෙනෙන අනෙක් භූ ලක්ෂණය වන්නේ ඉන්දු ගංගා මහා තැනිතලාවයි.ඉන්දියාවේ විශාල ගංගා දෙක වන සින්දු ගග සහ ගංගා නම් ගග මේ හරහා ගලා බසී. ලෝකයේ විශාලම ඩෙල්ටාව ගංගානම් ගග මුහුදට වැටෙන ස්ථානයේ පිහිටා ඇත. බංග්ලාදේශය හා සුන්දර බාන්ස්  වගුරැ බිම මෙහි පිහිටා තිබේ. බටහිර ඝාට්ස් හා නැගෙනහිර ඝාට්ස් වලින් මායිම් වී ඇති ඩෙකෑන් සානුව, තවත් භූ විශමතා ලක්ෂණයකි. මෙය ලාවා වලින් සකස් වූ පැරණිම භූ ස්කන්ධයක් ලෙස හැදින්වේ.

Posted in Uncategorized | Tagged | Leave a comment